මිලිමීටර් 350කට අධික වර්ෂාවක්.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු අඟවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මේ බව පැවසීය. 

“කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 350ට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්න ඕනේ. ඉදිරියේදී ලැබෙන සුළු වර්ෂාවකින් වුවද කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් අනතුරක් සිදුවිය හැකියි.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *