ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට, ඒ අතරේ පොලීසියටත් දැඩි අවවාද.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායි රටේ රැඳී සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අදාළ මූලික විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ, සැකකරුවකු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඔහුගෙන් පාපොච්චාරණයක් ලබාගැනීම, පොලිස්පති නියෝගවලට පටහැනිව එය මාධ්‍යවලට මුදාහැරීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමටයි.

මේ අතර, එසේ ප්‍රශ්න ඇසූ පොලිස් නිලධාරීන් නීතියේ රැහැනට හසුකරගත යුතු බවයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.

තවද, මේ අතර,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන්ට තමා දැඩි ලෙස අවවාද කළ බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *