ක්ලබ් වසන්තගේ බිරිඳ සතුව තිබූ ගිනිඅවිය ගැනත් තොරතුරු.

අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මිරිහාන පොලිසි ස්ථානයේ ඉදි කෙරුණු ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද කියා සිටියේ අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි බවත් කඩිනමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බවය.

එමෙන්ම මෙම අපරාධයද විදේශ රටක සිට මෙහෙයවා ඇති බවත් මෙලෙස වෙඩිතැබීමක් සිදුවූයේ මාස දෙකහමාරකට පසු බව ඔහු කියා සිටියේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *