අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) පස්වරු 5.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව යන මහ නගර සභා බල ප්‍රදේශ සහ ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *