වව්නියාව ප්‍රදේශයට භූකම්පනයක්.

ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා.

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව වාර්තා වනවා.

පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල මෙය සටහන්ව තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *