ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 134ක ජයක්ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි,

0
116

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උගන්ඩාව සමඟ පැවැති තරගය ලකුණු 134කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (09) සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 173ක්.

එහි දී ජොන්සන් චාර්ල්ස් ලකුණු 44ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 30 ලබාගත්තා.

පන්දු යැවීමේ දී බ්‍රයින් මසබා කඩුලු 02ක් බිඳ හෙළීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුනු 174ක ඉලක්කයක් හඹා ගිය උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 12ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 39ක් පමණයි.

එහි දී ජුමා මිහාගි ලකුණු 12ක් රැස්කරගත් අතර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී අඛේලා හුසෙයින් ලකුණු 11කට කඩුලු 05ක් බිඳහෙළුවා.

මෙම ලකුණු 39 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් රැස්කරගත් අවම ලකුණු වාර්තාව සම කිරීමක් වනවා.

මීට පෙර 2014 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය ලකුණු 39කට දැවි ගියා.

එමෙන් ම 2021 වසරේ ද නෙදර්ලන්තය ලකුණු 44ක් රැස් කළේ, ශ්‍රී ලංකාවට එරෙහිවයි.

එම තරග වාරයේ දී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 55කට එංගලන්තය හමුවේ දැවී යාමත් විශේෂත්වයක්.

විස්සයි විස්ස තරගයක දී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වැඩි ලකුණු පරතරයකින් ජයගත් තරගය ලෙස ද මෙය වාර්තා අතරට එක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here