“මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ..” තෙවැනියා වූ විශ්ව බිරිඳව සිහි කර සංවේදී වෙයි. – වීඩියෝ

14 වන දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක සමත් වුණා.

ඔහු එම පදක්කම ලබාගැනීම සඳහා වේදිකාවට නැග තිබුණේ, මිය ගිය සිය බිරිඳගේ ඡායාරූපත් රැගෙනයි.

එහි දී ඔහු ඉතා සංවේදී කතාවක් සිදු කළ අතර එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

“මේ ඉන්නේ මගේ වයිෆ්, ගිය අවුරුද්දේ, සැප්තැම්බර් මාසයේ දී ඇක්සිඩන්ට් වෙලා එයා නැති වුණා. මෙයාගේ හීනයක් තමා මම දවසක දිනන එක. මෙයා මට කිව්වා, මම දිනනකම් මගෙත් එක්ක එකට ඉන්නවා කියලා. මෙයා දැන් මාත් එක්ක නෑ. මම දින්නා. තුන්වෙනියා වුණා. මම මෙතැනින් නතර වෙන්නේ නෑ. රන් පදක්කම ගන්න ට්‍රයි කරනවා. මම මේ ක්‍රීඩාවේ යන්න පුළුවන් උපරිම යනවා. මගේ හැමදෙයටම කෑම හදලා දුන්නේ එයා. එයා ලොකු කැපකිරීමක් කළා. අද එයා නැහැ. මේ දවස්වල අම්මායි, නැන්දයි, ආච්චියි තමා කෑම හදලා දුන්නේ. එයා නැති නිසා මට ගෙදර ඉන්න හිතෙන්නේ නෑ. තාමත් ඉන්නේ නැන්දලාගේ දිහා. මට මෙයාව අමතක වෙන්නේ නෑ. මෙයා නිසා තමා ම‌ගේ ආත්ම විශ්වාසය ඇති වුණේ. අද මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *