WORLD NEWS

බලන්නකෝ අවුරුදු 24වූ ඇය කා සමගද විවාහ වුනේ කියලා..

Written by Aloka

තමන් එක්ක ම විවාහ වුණු තරුණියක් ගැන කතාන්දරයක් තමයි මේක..

හැබැයි මේ ඉතිහාසේ පළවැනි වතාවට නෙවෙයි.

මීට කලිනුත් තමන් සමඟම විවාහ වෙලා, ආයෙම තමන්ගෙන්ම දික්කසාද වුුණු තරුණියක් ගැන පුවතක් ඔබට අපි කිව්වා.

අපි දැන් යන්න හදන්නේ අසල්වැසි ඉන්දියාවට‍

ඉන්දියාවේ 24 හැවිරිදි තරුණියක් වන ශාමා බින්දු පසුගිය දවසක තමන් සමඟ ම විවාහ වෙන්න අමුතු තීරණයක් ගත්තා.

ඒ වගේම විවාහයෙන් පස්සෙ සති දෙකක මධුසමයකුත් ඇය, ඇය සමඟම ගත කරන්න ඇය සැලසුම් කරලා තියෙනවා.

“මේක හොඳම ක්‍රමය ශාරීරික මානසික ප්‍රතික්ෂේප කිරීම් මා විසින්ම පිළිගන්න ක්‍රමයක්. මම මාවම පිළිගන්නවා. ලස්සන නැති කොටස් පවා..”

About the author

Aloka

Leave a Comment