Official Paththare Web Portal

ඇමරිකාවේ යානා දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක්

ඇමරිකාවේ ගුවන් සංදර්ශනයක් අතරතුර යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයක දී සිදුු වූ මෙම අනතුරින් විනාශ වී ඇත්තේ දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ගුවන් යානා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෙල් පී 63කින්ග් කෝබ්‍රා සහ බෝයිං බී 17 යානාවක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර, ඒවායේ පුද්ගලයින් හයදෙනෙකු ගමන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.