Official Paththare Web Portal

සුපිරි නළු ෂාරුක් ඛාන්ව මුම්බායි ගුවන් තොටුපළේ දී රේගු නිලධාරින් විසින් නවතා ගනී..

ඊයේ රාත්‍රීයේ මුම්බායි ගුවන් තොටුපළේ දී රේගු නිලධාරින් විසින් ඔහුව පැය ගණනාවක් රඳවා ගැනීමේ පුවතයි. එසේ ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට හේතුව වන්නෙ ඔහු සතුව තිබූ සුඛෝපබෝගී ඔරලෝසු කිහිපයක් බවයි වාර්තා වන්නේ. ගුවන් තොටුපළෙන් පිටව යාමට නම් ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 6.83ක් බදු මුදල් ලෙස ගෙවිය යුතු වනවා. පසුගිය දිනෙක සුපිරි බොලිවුඩ් තරුව ෂාරුක් ඛාන් සාජා හි උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි අතර, පුද්ගලික ජෙට් යානයකින් මුම්බායි ගුවන් තොටුපළේ 3වන පර්යන්තයට ගොඩ බැස තිබෙනවා.

ෂාරුක් ඛාන් සමඟ තවත් පිරිසක් පැමිණ ඇති අතර, පිරිස පර්යන්තයෙන් පිටව යන අවස්ථාවේ අදාළ ඔරලෝසු කිහිපය හමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු අනාවරණය කරන්නේ. වාර්තා වන අයුරින් ෂාරුක් ඛාන් සහ ඔහුගේ කළමණාකරු රේගු විධිවිධාන නිම කිරීමෙන් පසු ගුවන් තොටෙන් නික්ම යන අතර, ඔහුගේ ආරක්ෂකයා ඇතුළු පිරිවරට පිටත්ව යාම සඳහා අවසර ලැබී ඇත්තේ උදෑසන යි. ෂාරුක් සන්තකව සුඛෝපබෝගී ඔරලෝසු 6ක් සොයාගෙන ලැබ ඇති අතර, එම ඔරලෝසු ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.