Fri. Sep 20th, 2024

මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබේ.

ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගය.

දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය සිය යතුරු පුවරුව වෙනස් කිරීම ද විශේෂත්වයකි.

මෙම නව AI Key එක භාවිතා කරමින් Windows 11 පරිගණකවල කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය මෙවලම වන Copilot වෙත පිවිසීමට පරිශීලකයින්ට අවකාශය හිමි වේ. 

මෙහිදී තොරතුරු සෙවීම, ඊමේල් ලිවීම සහ රූප නිර්මාණය කිරීම වැනි කාර්යයන් සඳහා Copilot උපකාරී වන බව මයික්‍රෝසොෆ්ට් ආයතනය පවසයි.

මෙම නව key board එක පෙබරවාරි මාසයේ සිට වෙළඳපොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව, මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක උප සභාපති යුසුෆ් අවධාරණය කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *