Thu. Sep 19th, 2024

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආසියානු කුසලාන අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන අදහස් දැක්වුවා.

තමන්ටද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා දැඩි අවශ්‍යතාවයක් පැවති බවත් නමුත් සාමාන්‍ය ක්‍රිකට් තරගයක් නරඹනවා මෙන් ඒ පිළබඳ උද්යෝගයක් හා සතුටක් ඊයේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී දක්නට නොලැබුණු බවයි ඔහු සඳහන් කරන්නේ.

ප්‍රේක්ෂකයෙකු ලෙස මේ තරගයේ කඩුලු බිඳවැටීම පිළිබඳව තමන්ටද සැකයක් පවතින අතර ඉතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලකුණු නොලබාම දැවී යාම සිදු නොවිය යුත්තක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අවධානම් අවස්ථාවලදී ඉලක්ක හඹාගෙන ගොස් ජයග්‍රහණ හිමිකර ගත් ආකාරය ඉතා හොඳින් මතකයේ ඇති බවත් පැවසුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායම හෝ පාකිස්ථාන කණ්ඩායම අවසන් තරගයට තරග කළානම් මීට වඩා හොඳ තරගයක් ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව තිබු බව සඳහන් කරන්නේ.

ඊයේ පැවති තරගයේ දේශපාලන මුහුණුවරක් තිබුනාදැයි තමන් නොදන්නා බවත් ආසියානු කුසලානය ඊයේ ඉන්දියාවට හිමිවීම නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ උපන්දිනයට දුන් උපන්දින තෑග්ගදැයි ඔහු ප්‍රශ්න කළා.

මේ වනවිට ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් සිටින බවත් G20 සමුළුව ඉන්දියාවේ පැවැත්වීම ආර්ථික ජයග්‍රහණ ආදි රාශියක් හිමිකර ගනිමින් සිටින අවස්ථාවක 2023 ආසියානු කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීම ඔවුන්ට ඉතාම වැදගත් බවත් ඊයේ තරගය ඉන්දියාවට නොමිලේම දුන් තරගයක් ලෙස දැනෙන නිසා මෙම තරගය පරාජයවීම පිළිබඳව සොයා බැලිය යුතු අතර එම පරාජය පිළිබඳව කණගාටුවක් පවතින බවයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *