Fri. Oct 18th, 2024

නැගෙනහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන විෂය එම පාසලේම සිසුන්ට උපාකාරක පන්ති ලෙස පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකථන අංකයට දැනුම් දීමට හැකියාවක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ් ගිතාංජන දිසානායක පවසන්නේ ගුරුවරුන් තමන් උගන්වන විෂය එම පංතියේ සිසුන්ට පමණක් නොව සාමාන්තර ශ්‍රේණි වලටද මුදලට ඉගැන්වීම තහනම් බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *