Fri. Jul 4th, 2025

ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම හේතුවෙන්උරණ වූ පාසල් සිසුවියක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව නිවිතිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ නිවිතිගල කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවියක් බව පොලීසිය පවසනවා.

සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක්වූ නිසා මීට පෙරද සිසුවිය සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

By Aloka