Sat. Apr 19th, 2025

පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල ඊයේ (26) දිනයේ යළි ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 87 ක් ලෙසය.

එමෙන්ම ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් ඩොලර් 82.90 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, ගාසා තීරයේ යුද උණුසුම සහ චීනයේ කර්මාන්ත යලි වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් පසුගියදා ලෝක බොරතෙල් මිලෙහි වැඩි වීමක් පෙන්නුම් කළේය.

By Aloka