Fri. Sep 20th, 2024

සුරූපී හින්දි කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් සකස් කරමින් ඇය සමඟ අන්තර්ජාලය ඔස්සේ ලිංගික ක්‍රියාවලට පොලඹවා එම ක්‍රියාවන් වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යයට හෝ ෆේස්බුක් ගිණුම්වල යොදන බව කියමින් කුරුණෑගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් ඉල්ලූ පුද්ගලයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

මෙම ව්‍යාපාරිකයාගේ නිරුවත් පින්තූර මෙසේ සමාජ මාධ්‍යවලට යොදන බව කියමින් මෙම පුද්ගලයා වරින්වර රුපියල් ලක්‍ෂයක් බැගින් ලක්‍ෂ හතරක් ලබාගෙන ඇති අතර පසුව එම පුද්ගලයා ව්‍යාපාරිකයාගෙන් එකවර රුපියල් ලක්‍ෂ 15ක මුදලක් ඉල්ලා ඇත. මින් බියට පත් එම ව්‍යාපාරිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව මේ පිළිබඳ විමර්ශන ඇරඹිණ.

පසුව කරන ලද දීර්ඝ විමර්ශනයෙන් පසු අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා හින්දි කාන්තාවන්ගේ පින්තූර යොදා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකසන බවය.

පසුව එම ගිණුමට කතා කරන පුද්ගලයන් සමඟ ‘චැට්’ කරමින් සබඳතාවක් ගොඩනඟාගෙන අන්තර්ජාලය ඔස්සේම ලිංගික ක්‍රියාවලට පොලඹවා ගැනෙනු ඇත. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා ඒ සඳහා අන්තර්ජාලයේ සිටින සුරූපී හින්දි කාන්තාවන්ගේ ලිංගික රූප ඇතුළත් දර්ශන එම පුද්ගලයන්ට පෙන්වන අතර එහිදී එම පුද්ගලයා විසින් නිරුවත්ව කරන දර්ශන මොහු විසින් සූක්ෂ්ම ලෙස වීඩියෝ ගත කරනු ඇත.

පසුව එම ෆේස්බුක් හරහා එලෙස ලිංගික ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් බිය ගන්වා එම ලිංගික දර්ශන අන්තර්ජාලයට යොදන බව කියමින් මුදල් ලබා ගන්නා බවත් පරිගණක අපරාධ කොට්ඨාසය කීය.

කීර්ති මෙන්ඩිස්

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *