Fri. Sep 20th, 2024

මාසයක් ආරභයේදීම මේ කියන්න යන කාරණා ටික ගොඩක් සුපිරුදු කාරණා ටිකක්. ඒ නිසා හැම කෙනෙක්ම වගේ මේ ගැන ගොඩක් උනන්දුයි. කොහොම වුණත්, මෙම මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියෙහි ලිට්‍රෝ මිල ගණන්වල සංශෝදනයක් සිදු වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දැනට පවතින මිල ගණන් මෙන්න,

12.5 kg – රුපියල් 4,250.00
5 kg – රුපියල් 1,707.00
2.3 kg – රුපියල් 795.00

මේ අතර මාර්තු මාසයේ දී ගෑස් මිල වැඩි නොකරන බව ලාෆ් ගෑස් සමාගම (LAUGFS) පවසනවා. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 4,740ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,900 ක් ලෙසයි. කෙසේ වෙතත්, ලිට්‍රෝ සමාගමද මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු කළේ නැහැ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *