Fri. Sep 20th, 2024

සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) 6500 කට වැඩි ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා සම්බාහන මධ්‍යස්ථාන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රසන්න මුණසිංහ පවසන්නේ 2019 වසරේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අත්හිටුවීමත් සමග විවිධ පිරිස් නිසි නියාමනයකින් තොර සම්බාහන මධ්‍යස්ථාන රට පුරාම ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සංගමයක් ලෙස සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට, ජනාධිපති කාර්යාලය ඇතුළු ඊට සම්බන්ධ ආයතන සමග එක්ව රජයට බදු ගෙවන ආයතන බවට පරිවර්තනය කිරීමට සැලසුම් සකස් කර එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසනවා.

ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ එකම සලකුණක්, එකම වර්ණයක් වැනි පොදු එකඟතාවන් යටතේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමටත් ඒවා නියාමනයට අදාළ පළාත් පාලන ආයතනවලට බලය ලැබෙන පරිදි සිදුකිරීමට වැඩපිළිවෙළ සකස් කරන බවත් ඔහු සදහන් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *