Thu. Jul 31st, 2025

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය.

පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

By Aloka