Fri. Oct 18th, 2024

හෘදයාබාධ හේතුවෙන් වර්ථමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා.

මෙරට ඖෂධ සහ විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් සෙවීමට පත් කරන කමිටු රැසක සාමාජිකත්වය දරා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එම එන්නත් ලබාගත් පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ඉතාම අවම බවයි.

වර්ථමානයේ හෘද්‍යාබාධ ඇතුළු විවිධ රෝගවලට ලක්වන්නේ එම එන්නත් ලබානොගත් අය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙරට පවතින එන්නත්වලට විරුද්ධ පිරිසක් සංවිධානාත්මකව මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ.

මේ අතර දුම්පානය, ආහාර රටාව, ව්‍යායාම අඩුකම හා ආතතිය හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී ඉකුත්දා ප්‍රකාශ කළා.

දැනට පාසැල් වයසේ පසුවන දරුවන් පවා ආතතිය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි ඔහු සදහන් කළේ.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවදානම මගහරවා ගත හැකි බවයි කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Source – Neth News

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *