අක්කර 419ක් හා බංගලාවක් බලෙන් අල්ලාගනී – ප්‍රකට හිමිනමක් අත්අඩංගුවට ගනියි.

අක්කර 419ක් හා බංගලාවක් බලෙන් අල්ලාගනී – ප්‍රකට හිමිනමක් අත්අඩංගුවට ගනියි.

මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත්තේ මහනුවර පල්ලේ කොටුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මාවතගම ධම්මරතන හිමියන් ඇතුළු පස් නමක් බවයි.

ම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පෞද්ගලික දේපල හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

එම බංගලාව සාසනික ව්‍යාපෘතියකට ලබාදෙන ලෙස අත්අඩංගුවට ගත් හිමිනම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

නමුත් අක්කර 419 කින් යුතු මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට අයත් නොවන බව එම මණ්ඩලය විසින් වාර්තා කර තිබිණ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *