Sat. Jul 27th, 2024

මාතලේ උකුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් සහ බංගලාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වන ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත්තේ මහනුවර පල්ලේ කොටුව ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති මාවතගම ධම්මරතන හිමියන් ඇතුළු පස් නමක් බවයි.

ම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පෞද්ගලික දේපල හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

එම බංගලාව සාසනික ව්‍යාපෘතියකට ලබාදෙන ලෙස අත්අඩංගුවට ගත් හිමිනම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

නමුත් අක්කර 419 කින් යුතු මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට අයත් නොවන බව එම මණ්ඩලය විසින් වාර්තා කර තිබිණ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *