අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි.

ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ.

හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.

සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.

ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

ඒ අනුව ඉහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *