Sat. Jul 27th, 2024

කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (20) සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

ඒහිදී තියුනු ආයුධවලින් පහරදීම් සිදුකරන ලද පුද්ගලයින් 03 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි රාමනාදපුරම් පොලීසිය පවසන්නේ.

කල්මඩු නගර් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ එක් පාර්ෂවයක් අතර සිටි කානත්වක් අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇතැයි පවසමින් ඇති වූ බහින්බස් වීමත් සමඟයි.

එම බහින්බස් වීමට පුද්ගලයින් දෙදෙනෙකුද මැදිහත් වී ඇති අතර අනතුරුව මෙම බහින්බස්වීම දුරදිග යාම හේතුවෙන් අනෙක් පාර්ශවයේ පිරිමි පුද්ගලයින් විසින් තියුණු ආයුධවලින් පහර දී පලාගිය බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී බරපතල කැපුම් තුවාල සහතිව කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වූ හෙයින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ අවුරුදු 28 සහ 30 වයස්හි පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 28, 30 සහ 50 වයස්හි පසුවන
කාන්තාවන් තිදෙනෙක්.

පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලීසිය විසින් කිලිනොච්චිය සහ වට්ටකච්චි ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *