ආසියානු කුසලානයේ ටිකට්පත් මිල ගණන් රු.1000ක් දක්වා පහත දමයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරගවල ප්‍රවේශපත් මිල අඩු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් රුපියල් 1,000 ක් දක්වා ද, එම ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් රුපියල් 500 ක් දක්වා ද, අඩු කළ බවත් එම මිල අඩු කිරීම ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයේ සිට ක්‍රියාත්මක බවත් ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ කොටසේ ප්‍රවේශපතක් මීට පෙර රුපියල් 15,000 කට අධික මුදලකට අළෙවි විය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *