ඉගෙන ගන්න සල්ලි හොයන්න උසස් අධ්‍යාපනය ලබන සිසුවියෝ 14ක් කරපු වැඩේ.

ඉගෙන ගන්න සල්ලි හොයන්න උසස් අධ්‍යාපනය ලබන සිසුවියෝ 14ක් කරපු වැඩේ.

උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

තරුණියන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසුවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය, 31867 රාජගුරු, 92896 අකිල යන නිලධාරීන් තරුණියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂ්ම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.

එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකැමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසී යැයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

වයස අවුරුදු 20 හා 30 අතර පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල අය බවත් කොළඹ ප්‍රධාන පෙළේ ආයතනෙවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මව්පියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටි බවත් එම නිලධාරියා සඳහන් කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *