Sat. Jul 27th, 2024

එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව උත්සව සමය තුළ එම හිඟය මගහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් මෙලෙස ආනයනය කිරීමට නියමිත ව තිබේ.

මේ අතර, වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය කිරීමට මෝල් හිමියන් සිදු කරන ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ අතර එළඹෙන උත්සවය සමයේ දී සතොස මඟින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශේෂ මිල සහන ලබාදීමට කටයුතු කරන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.

වසර නවයකට පසු ලංකා සතොස මේ වසරේ ගත වූ මාස 10 තුළ ශුද්ධ ලාබයක් ද ලබා ඇති බව පසඳ යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *