Sat. Jul 27th, 2024

ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. 

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

2021 වසරේ අයදුම්පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් මස 02 වැනි දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරී විභාගය පැවැත්වීමට නියමිතය. 

එම විභාගයෙන් 2,238 දෙනෙකු ග්‍රාම නිලධාරී තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බව සඳහන් වේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *