ග්‍රීස් යකා ගැන යළි කතාබහක්.

2011 වසරේ යාපනය අර්ධද්වීපය තුළ ‘ග්‍රීස් යක්කු’ නමැති නාඳුනන පුද්ගලයින් සිදුකළ ජනතාව බිය ගැන්වීමේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණ නියෝග පරිදි විරෝධතා ගොනුනොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ.

අධිකරණ නියෝග පරිදි එම කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය වෙත දැඩි දෝෂාරෝපණ එල්ල කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා අධිකරණයේ කාලය නාස්ති නොකොට පෙත්සම්කරුවන්ට විරෝධතා පිටපත් භාරදෙන ලෙස ප්‍රකාශ කර ඇත.

පෙත්සම එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ‍ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ නඩුකරවලට අදාළ විරෝධතා තමන් වෙත ලැබී නොමැති බවයි.

විරෝධතා නිසි පරිදි ගොනුකර තිබෙන බව එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය තර්ක කර තිබේ.

එහිදී නඩු ගොනුව පරීක්ෂා කළ ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ලේ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා පැවසුවේ අධිකරණය විසින් කරන ලද නියෝගය පරිදි විරෝධතා ගොනුකිරීමක් සිදුව නොමැති බවයි.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළ ද විනිසුරු තුරෙයිරාජා මහතා පැවසුවේ අධිකරණයේ කාලය නාස්ති නොකොට රුපියල් සියයක මුදලක් වැයකර පෙත්සම්කරුවන්ට විරෝධතා භාරදීමට පියවර ගන්නා ලෙසයි.

අනතුරුව පෙත්සම ජූලි මස 30 වැනිදා කැඳවීමට ද දින නියම වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් මෙම පෙත්සම්  ගොනුකර තිබූ අතර එහි වග උත්තරකරු ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *