Fri. May 9th, 2025

මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය. චීන ජාතිකයන් තිස්දෙනකුට ආසන්න කණ්ඩායමක් මෙරටට පැමිණ මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජනතාව ඉලක්ක කරගනිමින් බවට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

By Aloka