ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටු නොකළාටමන්ත්‍රී තමන්ටම සෙරෙප්පුවෙන් ගසා ගනියි.

ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටු නොකළාටමන්ත්‍රී තමන්ටම සෙරෙප්පුවෙන් ගසා ගනියි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රිවරයකු තමන්ට සිය ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටුකර දීමට නොහැකිවීම ගැන තැවෙමින් තමාටම සෙරෙප්පුවෙන් ගසාගෙන ඇත.

මුලපති රාමරාජු නම් මේ මන්ත්‍රිවරයා සිය නගර සභා රැස්වීමේදී තමන් මුහුණට වේගයෙන් සෙරෙප්පුවෙන් ගසන දර්ශන එරට මාධ්‍ය ජාලාවල සංසරණය වේ.

තමා නාගරික මන්ත්‍රිවරයකු ලෙස පත්වී මාස 31 ක් ගතවී ඇතත් සිය ඡන්දදායකයින් මුහුණ දෙන විදුලි ප්‍රශ්න, මාර්ග පිළිබඳව ඇති ප්‍රශ්න කානු මෙන්ම සනීපාරක්‍ෂක ප්‍රශ්න කිසිවක් විසඳීමට නොහැකි වු බව කියමින් ඔහු මුහුණට වේගයෙන් සෙරෙප්පුවෙන් ගසාගෙන තිබේ.

චතුර පමුණුව

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *