ඩෙංගු යැයි සැක නම් පැරසිටමෝල් හැර වෙන ඖෂධ බොන්න එපා.

ඩෙංගු හිස ඔසවා ඇති බැවින් උණ සහිත රෝගියෙකු වේ නම් ඔවුන් වෛද්‍යවරයකු හමුවන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන විජේරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (07 වැනිදා) පැවැත් වුණි.

ඊට එක්වෙමින් සෞඛ්‍ය ‌ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේ ඩෙංගු මරණ විමර්ශනය කිරීමේදී රෝහල්ගත වීමට ප්‍රමාදය මෙන්ම පැරසිටමෝල් ඖෂධයට අමතරව විවිධ ඖෂධ ලබා ගැනීම හරහා විවිධ සංකුලතා ඇති වීමෙන් එම මරණ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙන බවය. එම නිසා ඩෙංගු මර්දනය කිරීමට නම් තමන් ජීවත් වන පරිශ්‍රය පිරිසිදුව තබාගත යුතු බවත් මෙය තම තමන් කළයුතු කටයුත්තක් බවත් ලේකම්වරයා සදහන් කළේය.

මෙම වැඩසටහන සදහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *