දරුණු රිය අ#නතුරක් – මව සහ දියණිය එතනම අවසන් සුසුම් හෙලයි.

දරුණු රිය අ#නතුරක් – මව සහ දියණිය එතනම අවසන් සුසුම් හෙලයි.

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය  පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි. 

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  ටිපර් රථ රියදුරා අත්අඩංගුවට  ගෙන ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *