“දැන් මගේ මහත්තයා එනවා, සල්ලි ගැන පස්සේ බලාගමු”කලබල වුණු බිරිඳ පොලිසියට කෝල් කරලා වෙච්ච දේ.

ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා.

සිද්ධිය මෙසේයි.

ගමකට පැමිණි කලිසම් හැඳගත් ටයිපටි පැළඳි පෙනුමෙන් වැදගත් යැයි සිතිය හැකි මැදිවියේ මහත්වරුන් පිරිසක්.

ණය දෙන සමිතියක් පිහිටනවා. කතාව පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි.

කාන්තාවෝ පිරිසක් රොක්වූවා. කතාව නම් හොඳයි. ඒක හොඳ සමිතියක්.

අපේ මිනිහා මට දෙන සල්ලි මදි. මමත් මේකෙන් ණය ගන්නවා.

මාසයට දෙන එකෙන් කීයක් හරි එකතු කරල වාරිකය ගෙවනවා.

බොහෝ පිරිසක් මේ සමිතියෙන් ණය මුදල් ගත්හ. කාලයක් ගතවිණ.

සමහර කාන්තාවන් කියපු දිනට පොලිය සමග වාරික ගෙව්වත් මේ කියන කාන්තාවට නියමිත වෙලාවට ණය වාරිකය ගෙවීමට නොහැකි විය.

දිනක් හැන්දෑවේ ණය දෙන මහත්තයා නිවෙසට පැමිණියේය’ ණය වාරිකේ ගෙව්වේ නැහැ නේද? ඒක අරන් යන්නයි ආවේ.

අනේ මහත්තයා අද නම් දෙන්න විදියක් නැහැ. මහත්තයා එන්න කලින් මෙහෙන් යන්න. පස්සේ මම ණය ගෙවන්නම්’ නැත්නම් මම ඉවරයි කීවා.

ඒවා මට වැඩක් නැහැ. ණය වාරිකය දෙනකම් මම යන්නේ නැහැ’ ණය දෙන මහත්තයා සඳහන් කළා.

දැන් රාත්‍රියද උදාවී ඇත. සැමියාද නිවෙසට පැමිණෙන වෙලාවද කිට්ටුය.

කලබල වූ කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශයේ පිහිට පැතුවාය’ පොලිසිය නිවෙසට පැමිණෙන විට සැමියාද නිවෙසට පැමිණ සිටියා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *