Sat. Jul 27th, 2024

දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා ඇත.

ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය.

පසුගිය සැප්තැම්බර් 11 වැනිදා දුම්රියෙන් ඇද වැටි තරුණයකු ජීවිතක්ෂයට පත්වීම සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී පසුගිය 06 වැනිදා ලංගම බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් පස්දෙනකු මියයෑමේ සිද්ධීන් දෙක පාදක කර ගනිමින් මෙම යෝජනාව සිදු කර තිබේ.

මීට පෙර එවැනි සිද්ධියකදී මරණයට පත් වන පුද්ගලයින් වෙනුවෙන් ලබාදුන්නේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වන්දි මුදලකි.

එහෙත් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා දුම්රියෙන් ඇද වැටි මියගිය තරුණයා වෙනුවෙන් එම පවුලේ උදවියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසල පසුගිය 06 වැනිදා ලංගම බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් පස්දෙනා වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහසක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව පසුගියදා ලබා දුන්නේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *