නිවසට ටියුෂන් දෙන්න පැමිණි ගාල්ලේ නියෝජ්‍ය විදුහල්පති දැරියට අමුතු පාඩමක් කියාදී දැන් පොලිස් කුඩුවේ.

තම විදුහලේ 12 හැවිරිදි සිසුවියකට ලිංගික අතරවර කිරීම සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාසයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.

සැකකරු තම නිවසේ උපකාරක පන්ති පවත්වනු ලබන අතර සිසුවිය ඉකුත් 02 වන දින උදේ පන්තියට ගොස් ඇත. ඇය කැඳවාගෙන පැමිණි පියා පවසා ඇත්තේ අක්කා පන්තියට පැමිණි පසු නිවසට යන ලෙසය.

ඒ අනුව දහවල් 12.30ට පමණ පන්තිය අවසන් වීමෙන් පසු අනෙක් සිසුවියන් ගොස් ඇති අතර ඇය පමණක් අක්කා එනතුරු සිට ඇත. එම අවස්ථාවේ සැකකරු පැමිණ සිසුවිය ඔහුගේ කාමරයට කැඳවාගෙන ගොස් තේ එකක් සහ බිස්කට් කන්නට දී ඇයට ලිංගික හිරිහැර කළ බව ඇය නිවසට ගොස් දෙමව්පියන්ට පවසා ඇත. පසුව මව සමග පැමිණ පොලිසියට සිද්ධිය පැමිණිලි කර ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ මෙහෙයවීම යටතේ ගාල්ල ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි චෞද්රි, උප පොලිස් පරීක්ෂක නිහාල් මිගෙල්හේවා යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අත් අඩංගුවට ගන ඇති අතර සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *