Sat. Jul 27th, 2024

ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දැන් ‘මධූ’ යූටියුබ් නාලිකාවක් හරහාත් ප්‍රේක්ෂකයින් වෙත සමීප වෙනවා.

පසුගිය දවසක මධූ ඉන්දීය නිළි ජැකලින් ගැනත්, ලංකාවේ ඉන්න ‘කලු සල්ලි සුදු’ කරන ‘උත්තමාවීයෝ’ ගැනත් හෙළිදරවුවක් කර තිබුණා.

‘ජැකලින් පාවිච්චි වෙනවා කලු සල්ලි සුදු කරන්න. ගෙවල්, ඉඩම්, මුදු රත්තරන්, මැණික් ඒවාට යොදවනවා.. නමුත් ඉන්දියානු පොලිසිය බොහෝ සූක්ෂමව මේක හොයාගන්නවා. අද ඇයට රටින් යන්න පවා තහනම්.. ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම නෑ…’

‘අපි කලාවට එන කාලෙත් අපි දැක්කා, බඩුවක්… (ගණිකාව කියන වචනේ තමයි බඩුවක් කියන්නෙ..) බඩුවක් කියන නම එන්න ඇත්තේ විකිණෙන නිසා වෙන්නැති. ඇඟ විකුණන කෙනාට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නෙ බඩුවක්..’

‘මෙහෙම අය ඉන්නවා සමාජය ඇතුළේ. කලා ක්ෂේත්‍රයේ ඉන්නකොට මිනිස්සු කතාවෙනවා. අන්තිමට හැදෙන්නෙ සියලු නිළියන් බඩු කියලා. මගේ ඉතිහාසයේ මම විවාහ වෙලා හිටියෙත් කලා ශිල්පිනියක් සමඟ. අමතරව මගේ ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවා නිරූපණ ක්ෂේත්‍රයේ අය එක්ක එහෙමත්. මේක ඔවුන්ට කරන අසාධාරණයක්. වෘත්තීයට ඒ නම යොදන එක වරදක්….’

රඟපානවා කියන එක ‘මල් යහනාවක්’ නෙවෙයි කියලත් ‘මධූ’ කියනවා.

‘වුණේ මොකද්ද, ඉස්සර අපි දැනන් හිටියා ගොඩක් අය පාවිච්චි වුණා. හැබැයි දැන් ඒ අය ඒවයෙන් අයින් වෙලා ඉන්නවා. නමුත් දැන් කතාව ඒක නෙවෙයි.. නිරූපණ ශිල්පිනියන් ගෙනල්ලා බඩු කරනවා නෙවෙයි. බඩු ගෙනල්ලා නිරූපණ ශිල්පිනියන් කරනවා. ඒ අය කිසිම කලා නිර්මාණයක්වත් නෑ…’

‘රඟපාන එක හිතන තරම් ලස්සන නෑ. රෝස මල් යහනාවක් නෙවෙයි ඒක. දැන් ඔය කියන අය වාහන ගන්නවා. ඇවිදින්න ගන්නවා….. මේ කරන්නෙ කලු සල්ලි සුදු කරන එක. මේ ඔක්කොම කරලා කයිවාරුත් ගහනවා. අරයද මෙයා ද කියලා හිතන්න එපා.. ගොඩක්….’

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *