පිළිකාකාරක පැණි රසකාරකයක් වෙළදපොලට – හදුනාගන්න හැටි දැනුම් දෙයි.

පිළිකාකාරක පැණි රසකාරකයක් වෙළදපොලට – හදුනාගන්න හැටි දැනුම් දෙයි.

ශ්‍රි ලංකාවේද භාවිත කරන පැණිරස කාරකයක් වන ඊ – 951 දරන ඇස්පාටේම් පිළිකාකාරකයක් බවට ලෝක සෞඛය සංවිධානය මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විධායක සභික රෝෂන් කුමාර මහතා පවසයි.

එම පැණි රස කාරකය අඩංගු ආහාර මේ වනවිට මෙරට වෙළදපොළේ බහුලව තිබෙන බව ඔහු කියා සිටී.
කොළ පැහැති වර්ණයෙන් යුත් පැණි බිම වර්ග බොහෝමයක අඩු සිනී සහිත පැණි රස නිෂ්පාදනයවල මෙම රසකාරකය අඩංගු බව ද ඔහු කියා සිටී.

විදේශ රටවලින් ආනයනය කරන චොක්ලට් වර්ග,ලොලිපොප් හා වෙනත් රස ආහාරවල ද මෙම රසකාරකය අඩංගු බව ඔහු කියා සිටී.

මෙම රසකාරකය භාවිතය තහනම් කිරිමට සෞඛ්‍ය බළධාරීන් වගබලාගත යුතු බව ද හෙතෙම සදහන් කර සිටී.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *