Sat. Jul 27th, 2024

රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, බැංකු පොලී අනුපාතය සැලකිය යුතු මට්ටමින් පහත දැමීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ,

“අපිට දකින්න නැහැ තාම වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළට ඇවිල්ලා ණය ගලාගෙන යාමක් අපිට පෙනෙන්ට නැහැ. බැංකු අංශ තාමත් පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යන මට්ටමක පවත්වාගෙන යන තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ නිසා එලදායි විදිහට ප්‍රත්පත්ති කරන හරහා ආර්ථික වර්ධනය ඇති කරන්න තාමත් අපි අසමත් වෙලා පවතිනවා. ඇත්තටම ප්‍රතිපත්තිකරණය හරහා ආර්ථිකය තුළ ස්ථායිතාවක් ඇති කරා. ඒ තමයි ගෙවුම් ශේෂයෙන්ම උද්ධමනය ඉහළ යන එක වළක්වලා පහළට ගෙන ආවා. රුපියල කඩා වැටීම වළක්වලා ස්ථාවර තත්ත්වයකට ගෙන ආවා. ඒ ස්ථායිකණනයට අදාළ ආර්ථික ප්‍රතිපත්තිවල ඵලදායිතාවක් පෙන්නුම් කරත් ආර්ථික වර්ධන ඇතිකිරීම සඳහා මැදිහත්වීමක් සිදු කිරීමට තාමත් අපොහොසත් වෙලා තියෙන තත්ත්වක් තමයි පෙන්නුම් කරන්නේ.”

මේ අතර, මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට නොපැමිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි කටයුතුවලට බාධා වනු ඇති බව අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *