බිත්ති දෙකක් අතර සිරවූ පාසල් දැ#රියක් බේරා ගනියි.

බිත්ති දෙකක් අතර සිරවූ පාසල් දැ#රියක් බේරා ගනියි.

විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක මෙසේ බේරාගෙන ඇත.

විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්, කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලලබාදී දැරිය බේරාගත් බව එහි ප්‍රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් මහතා පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *