බිරිඳගේ අනියම් පෙම නිසා දියණිය සමග සැමියා කරගත් දෙයක්.

කන්තලේ පොලිස් වසමේ රජඇළ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට ඊයේ (සැප්. 6) පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වන කන්තලේ, පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මිය ගිය දියණියට වයස අවුරුදු 6කි.

පොලිසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විදේශ රටක රැකියාවකට ගොස් ඇති බව ත් බිරිඳ අනියම් සම්බන්ධතාවක් පවත්වන බව දැනගැනීමෙන් පසු ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස දියණිය සමග ඔහු සියදිවි හානි කරගෙන ඇති බව ය.

මෘත ශරීර කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ සම්බන්ධව කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *