බිරිඳට දරුවන් නැති නිසා දේව ප්‍රතිමාවෙන් වන්දි ගෙවූ අමුතුම කතාවක්.

බිරිඳට දරුවන් නැති නිසා දේව ප්‍රතිමාවෙන් වන්දි ගෙවූ අමුතුම කතාවක්.

යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්‍රතිමාවලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු තමන් එම දේවස්ථානයේ ප්‍රතිමාවලට හානි සිදු කළ බව පිළිගෙන ඇති අතර ඔහු ඊට ප්‍රධාන හේතු දෙකක් පොලිසියට ප්‍රකාශ කොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ සූදුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු හින්දු බැතිමතෙකෙකි. කිතුණු කාන්තාවක සමඟ විවාහ වී වසර 7 ක් ගත වී ඇතත් තමන්ට දරුවකු නොමැති නිසා මේ දේවස්ථානයේ පූජා පවත්වා දරුවකු ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවූ බව සැකකරු ප්‍රකාශ කොට තිබේ.

නමුත් මේ දේවස්ථානයෙන් දිනපතාම ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගෙන වෙනත් අය වෙනුවෙන් පූජා පවත්වා වුන්ට විවිධ සහන සලසා දෙන අතර එසේ කෙරෙන පූජාවන්වල අධික හඩ නිසා තමන් කෝපයට පත්ව දේව ප්‍රතිමා විනාශ කළ බව ද ඔහු පොලීසියට පවසා ඇත.
සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලීසිය පියවර ගෙන ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *