මඟු‍ල් දවසෙම මනමාලයාගේ කෙරුවාව දැනගත් මනමාලිය සාරියත් කඩාගෙන දුවයි.

මඟු‍ල් දවසෙම මනමාලයාගේ කෙරුවාව දැනගත් මනමාලිය සාරියත් කඩාගෙන දුවයි.

සිය විවාහ මංගල්‍යය දා අඹ යහළුවා මනාලියට හදුන්වාදීමට ගොස් අමු අමුවේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා.

ගම් තුලාවේ හැම වැඩක්ම කළේ දෙදෙනා එකටය, කෑවේ බිව්වේ එකටය, ගම් තුලාවේ පමණක් නොව අහල පහළ ගම් හතකම පාහේ ඔහුගේ කැරැට්ටුව ගැන නොදන්නා කෙනෙක් නොවූයෙන් ඔහුට පෙලවහක් කර ගැනීමට සුදුසු මනමාලිය සොයා ගැනීමට හැකි වූයේ වන්නි හත්පත්තුවෙනි.

විවාහය සිදුවූවේය. දෙපැත්තේ නෑ සනූහරේම වෙනුවෙන් මංගල සාදයක්ද සංවිධානය කර තිබිණ. යහළු මිත්‍රාදීන්ට ද එයට ඇරියුම් ලැබී තිබුණ අතර, මධුවිතට ප්‍රධාන තැන ලැබී තිබෙනවා.

යහළුවන් මධුවිතෙන් සප්පායම් වී සිටියේ කණ පැලෙන තරමටමය. ඒ අස්සේ ඔහු සිය මනාලියට තමාගේ සනුහරේ අය සහ මතුරන් හදුන්වාදීම සිදුකෙරිණ. ඒ සදහා මනාලිය පැමිණියේ මනාලයාගේ අත අල්ලාගෙය.

‘මෙයා තමයි මගේ හොදම යහළුවා, යයි සිය මනාලියට ඔහු හදුන්වා දුන්නේය’ ශරීර කූඩුව යාන්තමට වත්තම් කරගෙන ඔහු මනාලියට අතට අතදී “මෙයා මාත් එක්ක මේ ගම් පළාතේ නොකළ දෙයක් නෑ, ගමේ ඉන්න කෙල්ලන් මෙයාට පේන්න බැහැ. මම හිතන්නේ කෙල්ලෝ තුන්හතර දෙනෙක්ම මෙයාගේ අතින් අමාරුවේ වැටුණා, මේ පැත්ත පළාතකින් කසාදයක් කර ගන්න බැරි වුණ නිසා තමයි වන්නි හත්පත්තුවෙන් මේ නංගි කසාද බැන්දේ” යයි ඔහු කියාගෙන කියාගෙන ගියා.

ඒ සමගම මනාලිය මනාලයාගේ සහ අත අල්ලාගෙන සිටි අඹ යහළුවාගේ අත් ගසා ගෙන ඉකිබිදිමින් දිවගියේ මංගල සාරියද කැඩි කැඩීය. මනාලයා මනාලිය පසු පස දිව ගියේ “අනේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අරූ කිව්වේ බොරු” යැයි කියමිනි. ඒ වන විට මේ සිදුවීම දෙපාර්ශවයේ අය මෙන්ම මේ මංගල උත්සවයට සහභාගි වී සිටි අය අතර ද කසුකුසුව ජයටම ගිය අතර අඹ යහළුවා එම ස්ථානයෙන් වාෂ්ප කර තිබුණේ ඊළගට සිද්ධ වෙන්න යනදේ අනෙක් අය ඉවෙන් මෙන් දැනගත් නිසා ලු‍.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *