මාස හයෙන් පා#තාලය සම්පූර්ණයෙන්ම මර්දනය කරනවා – දේශබන්දු තෙන්නකෝන්.

මාස හයෙන් පා#තාලය සම්පූර්ණයෙන්ම මර්දනය කරනවා – දේශබන්දු තෙන්නකෝන්.

මාස හයක් ඇතුළත, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බව, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

මේ සදහා විශේෂ කාර්ය සාධක බලකායේ සහාය ලබාගන්නා බවද ඔහ පවසා තිබේ.

මෑත කාලීනව රට තුළ ඝාතන සහ මංකොල්ලකෑම් නව ප්‍රවණතාවයක් ලෙස ඉහළ යමින් පවතී. වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා සිදු කර තිබෙන මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය හතලිහකට ආසන්නය.

පාතාල ක්‍රියාකාරකම් මර්දනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සදහා, පොලිස්පතිවරයා විසින්, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ. මෙම කමිටුවට, උතුරු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, දකුණු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළත් ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *