Sat. Apr 19th, 2025

මාස 09 සිට වයස අවුරුදු 15 දක්වා මෙතෙක් සරම්ප එන්නත ලබා නොගෙන සිටින දරුවන්ට එම එන්නත අනිද්දා සහ ඊට පසු දින ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම් ආර්නෝල්ඩ් පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.මාස 06ත් 09ත් අතර, දරුවන්ට ලබාදෙන සරම්ප අතිරේක එන්නතද එම දින දෙක තුළ දී ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

By Aloka