Sat. Jul 27th, 2024

මෙරට ආහාර වර්ග 07ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද මෙම වාර්තාව දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී ඇති අතර එම අධ්‍යයනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යෑම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර තිබේ.

මේ අතර නියං සමය හේතුවෙන් පීඩාවිඳින කලාපවල ගොවීන්ට අවශ්‍ය අවම ජල ප්‍රමාණයක් හෝ මුදාහැරීමට බලධාරීන් පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ මෙරට කෘෂිකර්මාන්තය ප්‍රතිසාධන අවධියක පවතින බැවින් මෙම ගැටලුවට බලධාරීන් කඩිනම් පියවර ගැනීම ඉතා වැදගත් බවය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *