මෙරට ඉන්ධන අලෙවියට තවත් සමාගමක් එයි.

පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ.

ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම හරහා Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු යෙදෙන අතර RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

එසේම මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ EV charging පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *