මෙරට නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළෙඳාම සියයට 500කින් ඉහළ යයි.

ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල (නීත්‍යානුකූල නොවන මත්පැන්වල) වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් බව වාර්තා වෙයි. නීත්‍යානුකූල මත්පැන් පානය 50% කින් වර්ධනය වෙද්දී මෙලෙස නීත්‍යානුකූල නොවන මත්පැන් 500% කින් වර්ධනය වීම බරපතළ සමාජ ප්‍රශ්න උද්ගත කර තිබේ.

දැනට මත්පැන් බලපත්‍ර වර්ග 25 ක් යටතේ ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිසල් 4570 ක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. මෙයින් බලපත්‍ර 538 ක්ම මෘදු මත්පැන් අලෙවිය සඳහා ලබාදුන් බලපත්‍ර බවද සඳහන්ය. මෙලෙස අලෙවි කරන එක් මත්පැන් බෝතලයකින් 75% ක බදු මුදලක් අයකෙරෙන අතර ව්‍යාජ මත්පැන් අලෙවිය වැළැක්වීම සඳහා ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එහෙත් මෙම ස්ටිකර් ව්‍යාජ ලෙස අලවන ලද මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. එයින් මත්පැන් බෝතල් 43776 ක් මිලිලීටර් 180 (කාල බෝතල්) බව තහවුරු කරගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

පසුගියදා මෙම තොරතුරු හෙළිදරව් වූයේ දිවයිනේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ලබාදුන් පිළිතුරු ඇසුරෙනි. මෙරට මත්පැන් හල් ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු සලකා බැලීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය 6809 දෙනකුට එක් මත්පැන් හලක් ක්‍රියාත්මකය. එහෙත් මුලතිව් දිස්ත්‍රික්කයේ එක් මත්පැන් හලක සේවය ලබාගන්නේ 9,90,000 ක් තරම් විශාල ජන සංඛ්‍යාවකි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *