මේ බල්ලෙක් වෙන්න දඟලන කොල්ලෙක් ගැන ඇහෙන අමුතුම කතාවක්.

මේ බල්ලෙක් වෙන්න දඟලන කොල්ලෙක් ගැන ඇහෙන අමුතුම කතාවක්.

මේ කතාව වාර්ත වෙන්නේ ජපානයෙන්. ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකුගේ වෙස් ගැනීමට විශාල වෙහෙසක් ගන්නා බවට වාර්තා වෙනවා. ඔහු ඒ වෙනුවෙන් විශාල මුදලකුත් වියදම් කරලා. ඒ ජපන් යෙන් මිලියන 2 ක මුදලක්.

ටෝකෝ ගේ මෙම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්, මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් එක්කර තිබුණා. කොහොම වුණත් ටෝකෝ නම් පැවසුවේ බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *