Sat. Jul 27th, 2024

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ අවසන් ඉසව් දෙක ලෙස පිරිමි සහ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව් දෙක ක්‍රියාත්මක විය.

එම ඉසව් අතරින් කාන්තා මීටර 400 සහාය දීවීමේ ඉසව්වේ අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

එම ඉසව්වේ අවසන් යෂ්ඨි හුවමාරුව වනවිට ජැමෙයිකාව පෙරමුණේත්, මහා බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයේත්, නෙදර්ලන්තය තුන්වන ස්ථානයේත් පසුවුණි.

තරගයේ අවසන් මීටර 20ට ලඟාවන තෙක්ම පිලිවෙලින් එම කණ්ඩායම් තුන පළමු ස්ථාන තුනේ රැඳී සිටියත්, නෙදර්ලන්තය වෙනුවෙන් අවසන් වටයේ ධාවනයේ යෙදුනු ෆෙම්කේ බොල් අවසන් මීටර කිහිපයේදී විශිෂ්ඨ ධාවනයක යෙදුණි.

ෆෙම්කේ බොල් අවසන් මීටර 15දී මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව පසුකර ගිය අතර අවසන් මීටර් කිහිපයේදී ජැමෙයිකා ක්‍රීඩිකාව පසුකර යමින් නෙදර්ලන්තයට රන් පදක්කම හිමිකර දුන්නාය.

මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ අවසන් මීටර 5දී පමණ පය පැටලීම හේතුවෙන් ෆෙම්කේ බොල් බිම ඇදවැටීම හේතුවෙන් නෙදර්ලන්තයට හිමිවීමට තිබූ රන් පදක්කම අහිමිවී ගියත්, කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්වේ අවසන් මීටර 5දී ඇය නෙදර්ලන්තයට නොතිබූ රන් පදක්කමක් හිමිකරදීමට සමත්විය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *