රාජ්‍ය සේවකයන්ට 2024 වසරේ වැඩ ඇල්ලීමට චක්‍රලේඛයක්.

2024 වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනය තුළ සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙස දැනුම් දී තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට බලපැවැත්වෙන පරිදි ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇත.

එහි ප්‍රධාන නිල උත්සවය හෙට පෙරවරු 9.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා සමස්ත රාජ්‍ය සේවයම ඒ සඳහා තිර අදිටනින් කැප විය යුතු බැවින් ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරන සියලු රාජ්‍ය ආයතනවල මෙම උත්සවය පැවැත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *